ඒකාබද්ධ විපක්ෂය මුස්ලිම් පෙරමුණක් පිහිටුවමින් ඉදිරියේ ස්ථාපිත කෙරෙන පුළුල් දේශපාලන සන්ධානයක් සඳහා අත්පොත් තැබීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත දැනට ඒකාබද්ධ විපක්ෂයේ සිටින සෙසු පක්ෂද මෙම සන්ධානයට එකතු කර ගැනෙයි.

කෙසේ වෙතත් නව සන්ධානය සෑදීමට පෙර ලබන මාසයේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අැමරිකාවට යෑමට නියමිතය.

වෛද්‍ය ප්‍රතිකාරවලට ඔහු එසේ යන බව කියැවේ.

ඔහු එතෙර සිටින කාලය තුළ රජයට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රට පුරා දියත් කිරීමට ඒකාබද්ධයේ පක්ෂ නායකයන් තීන්දු කළේ උග්‍රවන ජීවන වියදම් අර්බුදය ගැන රජයේ අවධානය යොමුකර වීමටය.

මෙම උද්ඝෝෂණ අ.පො.ස උසස් පෙළ විභාගයෙන් අනතුරුව සිදුකරන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඒකාබද්ධයට උපදෙස් දී තිබේ.

Loading...