Loading...

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි 20 තරගය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කොට තිබෙනවා.

(සම්පූර්ණ සංචිතය සඳහා පහළට යන්න)

එයට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ අනුමැතිය ද ලැබී ඇති බව සඳහන්.

කණ්ඩායම් නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් වෙත භාරදී ඇති අතර සංචිතයට දිනේෂ් චන්දිමාල් ද ඇතුලත්.

කෙසේ වෙතත් නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් සංචිතයට ඇතුළත් වී නැහැ.

සුරංග ලක්මාල්ගෙන් හිස්වූ ස්ථානයට බිනුර ප්‍රනාන්දු කැඳවීමටයි තීරණය වී ඇත්තේ.

මේ අතර විස්සයි 20 සංචිතයට ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ලසිත් මාලිංග කැඳවනු ඇති බවට වාර්තා පළ වී තිබුණා.

ශ්‍රී ලංකා පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර ද කියා සිටියේ මාලිංගට යළි අවස්ථාව ලැබෙනු ඇති බවටයි.

එහෙත් මෙවර ද ලසිත් මාලිංග සංචිතයට එක් නොකර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වගබලාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා විස්සයි 20 තරගය 14 වැනි දා කොළඹ දී පැවැත්වෙනවා.

Sri Lanka T20I squad against South Africa

1.) Angelo Mathews – Captain
2.) Dasun Shanaka
3.) Kusal Janith Perera
4.) Dhananjaya De Silva
5.) Upul Tharanga
6.) Kusal Mendis
7.) Thisara Perera
8.) Shehan Jayasuriya
9.) Shehan Madushanka
10.) Lahiru Kumara
11.) Dinesh Chandimal
12.) Akila Dananjaya
13.) Jeffrey Vandersay
14.) Lakshan Sandakan
15.) Binura Fernando

Standbys
1. Dimuth Karunaratne
2. Isuru Udana
3. Niroshan Dickwella
4. Kasun Rajitha

Loading...