වර්ජනයට සහය නොදක්වන සේවකයින් යොදවා  ඊයේ කොළඹ – කොටුව දුම්රිය ස්ථානයේ සිට දුම්රිය ගමන්වාර 8 ක් ධාවනය කිරීමට පාලනාධිකාරිය පියවර ගත්තා.

ඒ හලාවත, රඹුක්කන, මහව, ගාල්ල, අවිස්සාවේල්ල සහ මහනුවර යන දුම්රිය ස්ථාන කරායි.

මේ අතර අදාළ දුම්රිය 8න් එක් දුම්රියක් අතරමග දී නතර වූ පුවතක් ද වාර්තා වෙනවා.

මෙලෙස නතර වී ඇත්තේ කොළඹ කොටුවේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියයි.

අම්බලංගොඩ – කන්දේගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී එය ඊයේ කාර්මික දෝෂයකට ලක්ව තිබූ බව සඳහන්.

Loading...