හැටන්, කිරිමැටියාන ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් සිදුවූ අනතුරකින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

ඔවුන් ඊයේ (09) උදෑසන විභාගයට පෙනි සිටීම සදහා පාසැල වෙත යමින් සිටියදීයි මේ අනතුරට ලක්ව ඇත්තේ.

තුවාල ලැබු සිසුන් තිදෙනා තුවාල සහිතවම උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර පසුව ඔවුන් ප්‍රතිකාර සඳහා නාවලපිටිය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

Loading...