Loading...

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කොල්ලුපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය සුපිරි තත්වයේ ගණිකා මධ්‍යස්ථානයක් වැටලීමට පොලිසිය සමත් වී තිබෙනවා.

එහි දී විදේශීය තරුණියන් 7 දෙනකු ඇතුළු තරුණියන් 09 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ගණිකා නිවස පවත්වාගෙන ගිය බව කියන චීන ජාතිකයෙකු හා 28 හැවිරිදි ශ‍්‍රී ලාංකික කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තායිලන්ත තරුණියන් තිදෙනෙක්, වියට්නාම තරුණියන් දෙදෙනෙක්, චීන තරුණියන් දෙදෙනෙක් හා ශ්‍රී ලාංකීය තරුණියන් දෙදෙනෙක් මෙහි සේවා සපයා ඇති බව සඳහන්.

මෙම ගණිකා මධ්‍යස්ථානයේ විදේශීය තරුණියක් රුපියල් 9,000 කටද, ලාංකික තරුණියක් රුපියල් 5,000 කටද අලෙවි කර ඇති බව පොලීසිය සඳහන් කළා.

Loading...