පළමු වරට ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීමේ අයැදුම් පත්‍රයක් සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට රුපියල් 100ක මුදලක් අය කරන බව රජය පවසයි.

අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍යංශය මේ බව නිවේදනය කළේ ය.

ඊට අමතරව ජාතික හැඳුනුම්පතක සංශෝධිත අනු පිටපතක් නිකුත් කිරීම සඳහා ලබන පළමු වන දා සිට රුපියල් 500ක මුදලක් අය කෙරේ.

Loading...