අමාත්‍ය සරත් ෆොන්සේකා සමග පාතාල සාමාජිකයින් සබඳතා පවත්වන බවට පසුගිය දිනවල මාධ්‍ය වාර්තා පළ වීමත් සමග ඒ සම්බන්ධයෙන් සමාජයේ දැඩි කතාබහක් නිර්මාණය වූවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඉන් පසුව එලෙස චෝදනා ලැබූ කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ ද සමගින් අත්අඩංගුවට පත් වූ අතර මේ සම්බන්ධයෙන් අද දින කැළණිය ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් ෆොන්සේකා අමාත්‍යවරයාගෙන් විමසා සිටියා.

සිය ආධාරකරුවන් ව්‍යාජ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බවටයි අමාත්‍යවරයා චෝදනා නැගුවේ.

එමෙන්ම නීතිය හා සාමය රට තුළ හරියාකාරව ක්‍රියාත්මක නොවෙන බව අවධාරණය කළ අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ රාජපක්ෂ පාලන සමයේදී වත් මේ ආකාරයෙන් සිය ආධාරකරුවන්ගේ නිවාස තුළට කුඩු පැකට් දමා මත්ද්‍රව්‍ය චෝදනා එල්ල කර අත්අඩංගුවට නොගත් බවයි.

ෆොන්සේකාගේ අමුතු කතාව

ෆොන්සේකාගේ අමුතු කතාව

Posted by Sinhala Puvath on Friday, 10 August 2018

Loading...