Loading...

රාත්‍රී කාලයේ අනුරාධපුර, ඉසුරුපුර නිදහස්‌ මාවත ප්‍රදේශයේ නිවසක ජනේලයක කූරු ගලවා ඇතුළු වී 59 හැවිරිදි කාන්තාවකට පිහියක්‌ පෙන්වා මරණ තර්ජනය කොට බිය ගන්වා ලිංගික අතවර කොට පලා ගිය නාදුනන තරුණයකු අත්අඩංගුවට ගැනීමට අනුරාධපුර පොලිසිය පරීක්‌ෂණ අරඹා තිබෙනවා.

එම කාන්තාව සහ ඇගේ සැමියා පමණක්‌ නිවසේ සිට ඇති අතර ඔවුන් දෙදෙනා කාමර දෙකක වෙන් වෙන්ව නිදා සිටියදීයි ඇය මෙලෙස ලිංගික අතවරයට ලක්ව ඇත්තේ.

නිදා සිටි වින්දිත කාන්තාව එක්‌වරම අවදි වී බලන විට තම ඇඳ අසල කිසියම් පුද්ගලයකු හිටගෙන සිටින අයුරු දැක ඇය බියවී කෑ ගැසීමට උත්සාහ කළ අවස්‌ථාවේ සැකකරු ඇගේ ගෙලට පිහියක්‌ තබා කෑ ගැසුවහොත් ඝාතනය කරන බවට තර්ජනය කොට තිබෙනවා.

එලෙස බිය ගැන්වීමෙන් පසුවයි ඔහු ඇයට ලිංගික අතවර කොට ඇත්තේ.

සැකකරු පසුව පසුපස දොර විවෘත කොට පලාගොස්‌ තිබෙනවා.

සිද්ධිය පිළිබඳව වින්දිත කාන්තාව විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක්‌ මත අනුරාධපුර පොලිසිය මේ පිළිබඳව පරීක්‍ෂණ ආරම්භ කොට ඇති බව සඳහන්.

Loading...