Loading...

ටෙලිනාට්‍ය රංගන ශිල්පිණියන් දෙදෙනෙකු පිළිබඳ ආන්දෝලනාත්මක පුවතක් පිළිබඳව වෙබ් අඩවි වාර්තා කර තිබෙනවා.

ඒ රංගන ශිල්පිණි මහේෂි මදුශංකා සහ තනාශා හතරසිංහ පිළිබදවයි.

මොවුන් දෙදෙනා පසුගිය දිනෙක කටුනායක ගුවන් තොටුපොලේ දී ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩ වී ඇත්තේ සිංගප්පූරුව බලා යාමට යි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු නිළධාරියෙක් වශයෙන් සේවය කරනා පුද්ගලයෙකු සමග මොවුන් දෙදෙනා මෙලෙස ගුවන්යානය වෙත පැමිණ ඇති බව සඳහන්.

රංගන ශිල්පිනියන් දෙදෙනා මෙන්ම තමත් එක් මගියෙක් ලෙස ගුවන් යානයට පැමිණි එම නිළධාරියාගේ අරමුණ වී ඇත්තේ මහේෂි මදුශංකා සහ තනාශා සතරසිංහ සමග සිංගප්පූරූ චාරිකාවක නිරත වීමයි.

කෙසේ වෙතත් යානය කටුනායක ගුවන් තොටුපළෙන් ගුවන් ගත කළ මොහොතේ සිට සිංගප්පූරුවේ ගොඩ බස්වන අවස්ථා දක්වාම මෙම නිළධාරියා අදාල රංගන ශිල්පිනියන් දෙදෙනා සමග සිට ඇත්තේ ගුවන් යානයේ පාලක මැදිරියේ බවට යි වාර්තා වන්නේ.

ගුවන් යානයක පාලක මැදිරියට ඇතුල්වීමට පිටස්තර පුද්ගලයන්ට අවසර නොමැති අතර එම මැදිරියට ඇතුල්වීම මගීන්ට තහනම් ක්‍රියාවක් වීම විශේෂත්වයක්.

ඒ සෙස්සන් පාලන මැදිරියට ඇතුල් වීම මගීන්ගේ ජීවිත අනතුරේ හෙළන ක්‍රියාවක් වීම හේතුවෙන්.

කෙසේ වෙතත් මෙම නීති නොතකා මෙම රංගන ශිල්පිණියන් දෙදෙනා රැගෙන ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නිළධාරියා සිය සබදතා භාවිතා කරමින් අදාල රංගන ශිල්පිණියන් දෙදෙනා මෙලෙසින් ගුවන් යානයේ පාලක මැදිරියට කැඳවා ගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම තත්ත්වය යටතේ ගුවන් යානය ගමනාන්තයට ලඟාවන තෙක්ම ගුවන් යානයේ පාලක මැදිරියේ පස්දෙනෙකු රැඳී සිට තිබෙනවා.

ඒ ගුවන් යානයේ නියමුවා, මෙම යානයේ රාජකාරී කළ පළමු නිළධාරියා හා මහේෂි මදුෂංකා, තානාශා හතරසිංහ සහ ඔවුන් දෙදෙනා රැගෙන ආ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පළමු නිළධාරියා යි.

මහේෂි මදුශංකා සහ තනාශා හතරසිංහ පාලක මැදිරියේම සිටිමින් ආහාර පාන පවා ලබා ගෙන තිබෙන බවට ද වෙබ් වාර්තා සඳහන් කරනවා.

එම අවස්ථාවේ ව්‍යාපාරික පන්තියේ ගමන් කරමින් සිටි ඇතැම් මගීන් මෙම ක්‍රියාවට විරෝධය දක්වා තිබෙන බව ද එම වාර්තාවල දැක්වෙන අතර එම විරෝධතා පිළිබඳව කිසිවෙකු කිසිදු අයුරකින් තැකීමක් සිදුකොට නැහැ.

මේ අකාරයට ගමනාන්තය බලා ගිය තනාශා හතරසිංහ සිංගප්පූරූවේදී ලබා ගත් ඡායාරූප සිය ඉන්ස්ටාග්‍රැම් ගිණුමට ද එක්කර තිබුණා.

Loading...