Loading...

තමා සැත්කමකට මුහුණ දීමට නියමිත බව හිටපු ලෝක ප්‍රසිද්ධ කාමෝද්දීපන චිත්‍රපට නිළි මියා කලීෆා අනාවරණය කරනවා.

ඒ මීට මාස කිහිපයකට පෙර සිදු වූ අනතුරක් හේතුවෙන්.

පසුගිය මැයි මාසයේ ඇය හොකී තරගයක් නැරඹීමට ගිය අවස්ථාවේ දී එහි පන්දුව ලෙස භාවිත කරන තැටිය වේගයෙන් පැමිණ වැදී තිබුණේ කලීෆාගේ වම් පියයුරුවේ යි.

හොකී තැටිය ගැටීමෙන් ඇගේ පියයුරු විශාලනය වීම සඳහා ශරීරය තුළ තැන්පත් කර ඇති සිලිකන් බැලූනවලට හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

“මම සිටියේ ආරක්ෂිත වීදුරුවට මෙපිටින්. ඒත් එක පාරටම ඒක වේගයෙන් වීදුරුව උඩින් පැමිණ මගෙ ඇඟෙ වැදුණා. මම මගෙ පපුව අල්ලගත්තා. ඇති වූ වේදනාව කොයි තරම්ද කියනවා නම් මම හිතුවෙ හැමතැනම රුධිරයෙන් තෙමිලා ඇති කියලායි”

ඇය සිද්ධිය විස්තර කළේ එලෙසින්.

බොහෝ කාමෝද්දීපන චිත්‍රපට නිළියන් මෙන් කලීෆා ද සැත්කම් ආධාරයෙන් පියයුරු විශාලනය කරගෙන සිටිනවා.

මෙහි දී වාතය පිරවූ සිලිකන් බැලූන පියයුරු යට තැන්පත් කෙරෙන අතර මෙම අනතුරේ දී හානි සිදු වී ඇත්තේ එලෙස ඇගේ වම් පියයුරුව තුළ තැන්පත් කර තිබූ බැලූනයට යි.

හානි සිදු වූ බැලූනය ඉවත් කොට යළි නව බැලූනයක් තැන්පත් කිරීම සඳහා මෙම වසර අග දී සැත්කමකට සූදානම්වන බවයි මියා කලීෆා මාධ්‍ය වෙත ප්‍රකාශ කරන්නේ.

එමෙන්ම මෙම අනතුරට හේතු වූ හොකී තැටිය සිහිවටනයක් ලෙස තබාගෙන සිටින බව ද ඇය පවසනවා.

25 හැවිරිදි මියා කලීෆා කලක් පෝන්හබ් වෙබ් අඩවියේ ජනප්‍රියතම කාමෝද්දීපන තාරකාව ලෙස කිරුළ දරා සිටියා.

කෙටි කලක් තුළ ලෝක ප්‍රසිද්ධියට පත් වූ ඇය සිය කාම චිත්‍රපට නිළි ජීවිතයට සමු දුන්නේ ISIS ඇතුළු ඉස්ලාම් ත්‍රස්තයින්ගෙන් ලද මරණ තර්ජන හමුවේ යි.

මේවන විට ඇය ක්‍රීඩා වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් ලෙස කටයුතු කරනවා.

ඇය අනතුරට මුහුණ දුන් මොහොතේ ලබාගත් ඡායාරූප පහතින්…

සබැඳි පුවත්
♦ නිල් චිත්‍රපට ක්ෂේත්‍රයෙන් සමුගත් ඇත්තම හේතුව මියා කලීෆා හෙළිකරයි

Loading...