Loading...

විදේශ සංචාරකයන් පැමිණෙන ප්‍රධාන පෙළේ හෝටල් 5000 කට අධික ගණනක් පවතින ඇති දකුණු පළාතටත් වඩා කුරුණෑගල කොට්‌ඨාසයේ පොලිස්‌ ස්‌ථාන 05 කට මත්ද්‍රව්‍ය හා අපචාර සිද්ධි වාර්තා වන බව වයම පළාත හා උතුරුමැද පළාත් භාර නියෝජ්‍ය පොලිස්‌පති වසන්ත කිත්සිරි ජයලත් අනාවරණය කරනවා.

විශේෂයෙන්ම පාසල් දරුවන් ඉලක්‌ක කරගෙන මෙම ජාවාරම් ව්‍යාප්ත වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

වැල්ලව පොලිසිය විසින් මැද්දේගම සංවිධානය කර තිබූ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් හා ප්‍රජා පොලිස්‌ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක දී නියෝජ්‍ය පොලිස්‌පතිවරයා මෙම අදහස් පළ කළා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු මෙලෙස සඳහන් කළා.

“පසුගිය දවසක කුරුණෑගල නගරයේ හදිසි වැටලීමකදී කුරුණෑගල නගරයේ සුපිරි පාසල්වලට එන දරුවන් දාහතක්‌ කුඩු එක්‌ක අහුවුණා. මේ අය සමාජයේ වැදගත් මවුපියන්ගේ දරුවන්. වැව රවුමේ හෝටල් කාමර පරීක්‌ෂා කිරීමේදී අවුරුදු 15 ක ගැහැනු දරුවන් 3දෙනෙක්‌ හා පිරිමි දරුවන් 3දෙනෙක්‌ නිර්වස්‌ත්‍රව ඉඳලා අහුවුණා. මේ අය ගෙදරට කියලා ඇවිත් තිබුණේ උපකාරක පන්තිවලට යනවා කියලයි.
 
 ගමේ ඉස්‌කෝලෙන් ශිෂ්‍යත්වය පාස්‌ වෙලා කුරුණෑගල නගරයේ ප්‍රධානම පාසලකට ආපු දරුවෙක්‌ කුඩු බොන්න පුරුදු වෙලා, ඒක විෂ වෙලා මාස දෙකක්‌ රෝහලේ දුක්‌ විඳලා ගිය සතියේ මිය ගියා. මේවා මාධ්‍යවල ගියෙත් නෑ. ඒ නිසා දෙමාපියන් නගරයේ පාසල්වලට එවන තම දූ දරුවන් ගැන මීට වඩා සොයා බැලිය යුතුයි”

Loading...