Loading...

දකුණු පළාතේ නගර සභාවක මන්ත්‍රිවරයෙක් 23 වියැති තරුණියකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇති බව වෙබ් මාධ්‍ය වාර්තා කොට තිබුණා.

අදාල නගර සභා මන්ත්‍රිවරයා විසින් තම ආසනයේ කැබිනටි ඇමතිවරයෙකුගේ අමාත්‍යංශයේ රැකියාවක් ලබා දිමට කටයුතු සකසා දියහැකි බව පවසා අදාල තරුණියට තනිවම ඹහුගේ නිවසට එන ලෙසයි පවසා ඇත්තේ.

තරුණියද කිසිදු පැකිලිමකින් තොරව සහතික පිටපත් කිහිපයක්ද රැගෙන මන්ත්‍රිවරයා මුණ ගැසිමට ගොස් ඇති බව සඳහන්.

ඇය නිවසට යන විට මන්ත්‍රිරයා පමනක් නිවසේ සිට ඇති අතර ඔහුගේ බිරිද කොළඹ රැකියා කටයුතුවලට ගොස් සිට තිබෙනවා.

කඩිනමින් රැකියාවක් ලබාදෙන්නම් යැයි පවසා මෙම මන්ත්‍රීවරයා අදාළ තරුණියට අයුතු යෝජනාවක් කර ඇති අතර එයින් ඇය දැඩි අපහසුතාවට පත්ව ඇතිබවයි වාර්තා වන්නේ.

වහාම මන්ත්‍රිවරයාගේ නිවසින් පිටව ගොස් ඇති ඇය පසුව මේ පිළිබඳව සිය සොයුරාට හෙළිකඑ ඇති අතර ඔහු මන්ත්‍රිවරයා මුණ ගැසි මෙම සිද්ධිය පිළිබදව විමසා දොස් පවරා තිබෙනවා.

එහිදි මන්ත්‍රිවරයා තරුණියගේ සොයුරාට පහර දීමක්ද සිදුකර ඇතැයි අදාළ මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

මෙම තරුණ මන්ත්‍රිවරයා දිස්ත්‍රික්කයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ ආසනයේ විශේෂ නියෝජිතයා ‍ලෙස කටයුතු කරන බව ද සඳහන්.

Loading...