Loading...

ලෝක ධනවතුන්ගේ ලැයිස්තුවද විටින් විට වෙනස්කම් වෙනුවෙන් භාජනය වේ. එහෙත් ෆෝබ්ස් සඟරාවට අනුව ඇය නම් කර තිබෙන්නේ වයස අවුරුදු විස්සක් වැනි නව යොවුන් වයසකදී ඇමරිකාවේ ප‍්‍රකෝටිපතිනිය බවට පත් වීමට බොහෝ සෙයින් ඉඩ ඇති අතර කයිලි ගැන මේ ඔසවා තැබීමට හේතුව ඇය ස්වඋත්සාහයෙන් එම ස්ථාවරත්වය ගොඩ නගා ගත් සුවිශේ්ෂී චරිතයක් වීමයි. ඇගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 900 ක් බවත් සඳහන් වේ.Related image

ලාබාලත්වයට විශේෂණ පද එකතු කරමින් ඇමරිකානු සංස්කෘතිය කයිලි ගැන සඳහන් කරන්නේ කයිලි කියන්නේ අපේ රටේ නීතියට අනුව මත්පැන් පානයටවත් අවසර නොලත් වයසක පසුවෙන තරුණියක් බවයි. එරට නීතිය අනුව මත්පැන් පානයට අවසර ලැබෙන අවුරුදු 21 වයසට ඇය පා තබන්නේ අගෝස්තු මාසයේ 21 වැනි දිනයි.

1997 වසරේ කැලිෆෝනියාවේ ‘‘ලොස් ඇන්ජල්ස්.. නගරයේ උපත ලද ‘‘කයිලි ජෙනර්.. රියැලටි තරු පොකුරේ තවත් එක් තරුවකි. කෙට්ලින් ජෙනර් සහ කි‍්‍රස් ජෙනර් ඇගේ මව්පියන් වේ. පවුලේ සහෝදර සහෝදරියන් හත් දෙනෙක් අතර කිම් කාර්ඬේසියන් ද ඇගේ සහෝදරියක් වන අතර කයිලිගේ සැමියා රැප් ගායක ‘‘ට‍්‍රැවිස් ස්කොට් .. ය. කිම් කාර්ඬේසියන් කි‍්‍රස් ජෙනර්ගේ පළමු විවාහයේ දියණියක් වන අතර කයිලි ඔහුගේ දෙවැනි විවාහයේ දියණිියයි.

කයිලි ජෙනර් Kylie Jenner 2017 වසරේ සැප්තැම්බර් මාසයේදී ගැබ් ගත්ත ද ඇය ඒ ගැන මාධ්‍ය ඔස්සේ ප‍්‍රසිද්ධ කිරීම මැලි වූවාය. මේ නිසාම ඇගේම සහෝදරයා වන බ්‍රොඩි ජෙනර් තමාගේ නැගණිය ගැබ් ගෙන සිටින බව දැන සිටියේ නැත. කයිල්ට වඩා අවුරුදු 14 කින් වැඩිමහල් බ‍්‍රැඩි මේ ගැන කිසිදු දැනගැනීමක් නොමැතිව සිටි බව සඳහන් කර සිටියේ පෙබරවාරි 4 වැනි දින කයිලි ගේ දරු ප‍්‍රසුතිය සිදු වීමෙන් අනතුරුවයි. ඇය ගැහැණු දරුවෙක් බිහි කළ අතර මේ දරුවා වෙනුවෙන් “Butterfly” හෝ “Mariposa,” නම් තබනු ඇතැයි ඇගේ රසිකයන් බොහෝ දෙනෙක් අදහස් කර ගෙන සිටිති. මිණිපිරියගේ උපත ගැන වඩාත් සතුටට පත් කයිලි ජෙනර්ගේ මව කි‍්‍රස් ජෙනර් විසින්ද ඇය වෙනුවෙන් නම් යෝජනා කරන ලදී. මේ සියල්ලම සලකා බලමින් කයිලි ජෙනර් විසින් ඇගේ දූ සිඟිත්තියට Stormi යනුවෙන් නම් තබන ලදී.

Image result for kylie jenner

2007 වසරේදී කයිලි ප‍්‍රසාංගික කලාව වෙනුවෙන් සිය ප‍්‍රවේශය ආරම්භ කරනු ලැබුවේ Keeping Up with the Kardashians වැඩ සටහනේ නිවේදිකාව ලෙසින්ය. 2010 වසරේ සිට 2013 දක්වා ඇය රූපවාහිනී ටෙලි නාට්‍යය වෙනුවෙන් දායකත්වය ලබා දුන් අතර Kourtney and Khloé Take Miami ටෙලි නාට්‍යය වෙනුවෙන්ද සම්බන්ධ වූවාය. ටෙලි නාට්‍ය්‍ය වෙනුවෙන්ද කයිලි රංගන දායකත්වය ලබා දුන් අතර ඇගේ දායකත්වය ලද නාට්‍ය සංඛ්‍යාව අටක් පමණ වේ. 2013 වසරේදී සම්මානයෙන් පිදුම් ලද කයිලි 2018 වසරේ ‘‘ ඔෂන්ස් – 8.. සිනමා පටයෙන් චිත‍්‍රපට කලාවටද ප‍්‍රවේශ වී සිටින්නීය.

කයිලි ව්‍යවසායිකාවක ලෙසින් මූලාරම්භයක් ගොඩ නගා ගන්නේ 2015 වසරේ රූපලාවන්‍ය නිෂ්පාදන අලෙවිකාරිනියක ලෙසයි. ‘‘කයිලි කොස්මැටික්ස් .. ඇගේ වෙළඳ සන්නාමයයි. ඇගේ නිෂ්පාදන අතරට තොල් ආලේපන” ඇස් ආලේපන සහ මුහණ පැහැපත් කරන නිෂ්පාදන ඒ අතර වේ. මෙම සමාගම ඇගේ ස්වාධීන ආයතනයක් වන අතර ෆෝබ්ස් සඟරාවට අනුව එහි වටිනාකම ඩොලර් මිලියන 800 ක් පමණ වේ. ඇගේ තොල් ආලේපන වෙනුවෙන් වැඩි ඉල්ලූමක් ගොඩ නැගී ඇත්තේ තොල් විශාල සේ පෙන්වීමට කැමැති කාන්තාවන් වෙනුවෙන්ම වූ නිස්පාදන හඳුන්වා දීම නිසාය. කයිලි පවා තොල් විශාල සේ පෙන්වීමට කැමැත්තක් දක්වන අතර ඒ වෙනුවෙන් ඇය එන්නත් පවා ලබා ගෙන ඇති බව වාර්තා වේ. එහෙත් ඇය ‘‘කයිලි කොස්මැටික් .. සන්නාමය යටතේ තොල් විශාල සේ පෙන්වන තොල් ආලේපන හදුන්වා දුන් තැන පටන් ඇයත් එන්නත් වෙතින් ඉවත් වූවාය. එපමණක් නොව මෙම නිෂ්පාදන සඳහා අන්තර්ජාලය ඔස්සේ විශාල ඇනවුම් ලැබුන අතර කයිලි ඒ වෙනුවෙන් වූ සැපයුම් ලබා දීමට පසුබට නොවන්නීය.

ෆෝබ්ස් සඟරාව සඳහන් කරන අන්දමට ඇගේ සහෝදරිය වන කිම් කාඬේසියන් පසු පස ප‍්‍රදේශයට කරන ලද දෙය කයිලි විසින් ඇගේ තොල්වලට සිදු කරන ලද බවයි. කිම් කාඬේසියන් විවිධ කෘතිම ක‍්‍රම මගින් ඇගේ පසු පස ප‍්‍රදේශය විශාල කර දැක්වීමට උනන්දුවක් දක්වන ලද නිලියකි. එහෙත්…කයිලි තමා විසින් අනුගමනය කරන ලද තොල් විශාල ලෙස දක්වන එන්නත් නවතා දමා ඒ වෙනුවට ස්වභාවික ප‍්‍රතිකාර වෙත යොමු වී සිටින්නීය. මෙම එන්නත් අනාරක්ෂිත නිසා තමා එයින් ඉවත් වනු බව ඇය 2015 වසරේ රූපවාහිනී වැඩසටහනකදී කියා සිටියාය.

ෆේස්බුක් නිර්මාතෘ ‘‘මාර්ක් සකර්බර්ග්.. අවුරුදු 23 වන විට බිලියනපතියෙක් වුණත් කයිලි එම තැනට පත්ව සිටින්නේ ඊටත් වඩා අඩු වයසකදීය. ‘‘ස්නැප්චැට් ..නිර්මාතෘ ‘‘එවන් ස්පිජෙල්.. වයස අවුරුදු විස්ස වෙන විටත් බිලියන ගණනක ධනස්කන්ධයක් උපයා සිටි නමුත් ඔහු තමාගේ ඉලක්කය වෙත ළඟා වූ වසර ගැන පැහැදිලිව පෙන්නුම් කිරීමක් නැත. කයිලිගේ සහෝදරිය වන ‘‘කිම් කාඬේසියන්.. ගේ වත්කම ඩොලර් මිලියන 350 කි.

Related image

ෆෝබ්ස් සඟරාවට අනුව ලෝක ප‍්‍රකට ගායිකා ‘‘බියොන්සේ..ගේ වත්කම ඩොලර් මිලියන 335 ක් වන අතර ‘‘ටේලර් ස්විෆ්ට්.. ගේ වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 320 කි. එහෙත් කයිලිගේ වත්කම මෙම මුල්‍යමය වටිනාකම අභිබවා යෑමටත් වඩා කැපී පෙනෙන්නේ ඇය විසින් මෙම තැනට පත්ව සිටින ලාබාල වයස නිසාය.

ධනවත් මව්පිය යුවලකගේ දියණියක් මේ තැනට පත් වීම එතරම් අරුමයක් නොවන බවට චෝදනාවන් ‘‘ෆෝබ්ස්.. සඟරාවට එල්ල වී ඇත්තේ කවරයේ කතාව වෙනුවෙන් කයිලි ජෙනර්ගේ ඡුායාරූපය යොදා ගැනීම නිසයි. ඒ වෙනුවෙන් හේතු පාඨ දක්වන ‘‘ෆෝබ්ස්.. සඟරාව සඳහන් කරන්නේ මවගේ පියාගේ ධනවත්කම ආයුධයක් නොකරගෙන තමාගේ උත්සාහයෙන් ලාබාල වයසේදී ව්‍යවසායකත්වයෙන් ඉදිරියට ගිය කාන්තාවක ලෙසින් අපි ඇය ඇගයීමට ලක් කරන බවයි.

ඇත්තටම මට හිතාගන්නත් බැරි වුණා. මගේ පින්තූරයෙන් මේ සඟරාවේ කවරයේ කතාව පළවුණාම… මම ෆෝබ්ස් සඟරාවට ස්තූති කරනවා යැයි ඇය මිලියන 110 ක් සහිත ඇගේ ඉන්ස්ටග‍්‍රෑම් ගිණුමේ සටහනක් තැබුවාය.

කයිලි මේ වෙන විට දේපළ වත්කම් අතින්ද ස්ථාවරත්වයට පත්ව සිටින්නීය. ඇය තමාගේ තෙවැනි නිවස ‘‘හිඩ්න් හිල්ස්.. ප‍්‍රදේශයෙන් මිලට ගත්තේ ඩොලර් මිලියන 4.5 ක මුදලකටය. වර්ග අඩි 12”000 ක වපසරියෙන් යුක්ත මෙම නිවස නිදන කාමර හතරකින්” නාන කාමර හතරකින්” කාර්යාල කාමර ඇතුළු නවීන සැපපහසුකම්වලින් යුක්තය. එයින් අනතුරුව ඇය නැවතත් මෙම ‘‘හිඩ්න් හිල්ස්.. ප‍්‍රදේශයෙන්ම ඇමරිකානු ඩොලර් මිලියන 12 ක් වටිනා නිවසක් මිලට ගත්තාය. එම නිවස නිදන කාමර අටකින්” නානකාමර 11 ක්” මුළුතැන්ගෙය සහ නාන තටාකයකින් සමන්විත මෙම නිවසේ සුන්දර වූ නැරඹුම් ස්ථානයකින් ද සමන්විතය. මෙම නිවස කලාකාරියන්ගේ පාරාදීසියකි. ‘‘ජෙනිෆර් ලෝපෙස්..” ‘‘මයිලි සයිරස්.. සහ ජෙසිකා වැනි කලාකාරියන් මෙන්ම ඇගේ සහෝදරිය ‘කිම් කාර්ඬේසියන්.. සහ ඇගේ ( කිම් කාර්ඬේසියන්) සැමියා ‘‘කාන්යේ වෙස්ට්.. ද කයිලිගේ අසල්වැසියෝ වෙති.

Related image

– පුණ්‍යා චාන්දනී ද සිල්වා

Loading...