රක්වාන උතුරු මනාපිටිය ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ 47 හැවිරිදි පුද්ගලයෙක්.

සිය නිවසේ රූපවාහිනි නරඹින් සිටින අතරතුර ඊයේ රාත්‍රි ඔහු මෙම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්.

මිය ගිය පුද්ගලයාගේ සිරුර කහවත්ත රෝහලේ තැන්පත් කර ඇති අතර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Loading...