Loading...

උදැල්ලකින් පහරදී බිරිඳ ඝාතනය කළ පුද්ගලයෙකු ගිරාඳුරුකෝට්ටේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (13) සවස 5.30ට පමණ මෙසේ ඝාතනය වී ඇත්තේ ගිරාදුරුකෝට් අගලඔය පදිංචිව සිටි නිරෝශා සුභාෂිනී දිසානායක නැමත්තියක්.

24 වැනි වියේ පසු වූ ඇය එක් දරුමවක්.

නිවස තුලදීම සැමියා ඇයට මෙම පහරදීම සිදු කොට ඇති අතර තුවාල ලබා සිටි ඇය අසල්වාසීන් විසින් ගිරාඳුරුකෝට්ටේ රෝහල වෙත රැගෙන යාමට කටයුතු කර ඇතත්, ගෙන එනවිටත් ඇය මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සිද්ධියෙන් පසු සැමියා ද සිය දිවිනසා ගැනීමට තැත් කර ඇති බව ද පොලිසියි පවසනවා.

පවුල් ආරවුලක් දුර දිග ගොස් ඇතිවු බහින් බස්විමකින් පසු මෙම ඝාතනය සිදුව ඇති බවයි මේවන විට අනාවරණය වී ඇත්තේ.

ගිරාදුරුකෝට්ටේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් අංගම්මනගේ මෙහෙයවීමෙන් ගිරාදුරුකෝට්ටේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

Loading...