Loading...

සබරගමුව විශ්වවිද්‍යාලයේ පිපිරීමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

එම විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ විද්‍යාගාරයක් තුළයි මෙම පිපිරීම හටගෙන ඇත්තේ.

සිද්ධියෙන් සිසුන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් බලංගොඩ මූලික රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කෙරුණු බව සඳහන්.

වයස අවුරුදු 21 ක් සහ 23 ක් වයසැති සිසුන් දෙදෙනෙක් මෙලෙස තුවාල ලබා තිබෙනවා.

මෙම පිපිරීම සිදුව ඇත්තේ ඊයේ පස්වරුවේ යි.

පොලිසිය සැක පළ කරන්නේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍යයක් හේතුවෙන් මෙම පිපිරීම සිදුවන්නට ඇති බව යි.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Loading...