වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඩා දරුවන්, පාසල් සිසුන් සහ ඇතැම් වැඩිහිටි පිරිස් අතර මේ දිනවල පැතිර රෝගයක් පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා.

වමනය, උණ සමග පාචනය මෙහි රෝත ලක්ෂණ බවට පත්ව ඇති බව සඳහන්.

විශේෂයෙන් මෙම තත්ත්වය ප්‍රදේශයේ පාසල් ආශ්‍රිතව වේගයෙන් පැතිර යාම දැඩි ගැටළුවක් බවට පත්ව තිබෙනවා.

එමෙන්ම මෙම රෝගය මාස පහක පමන කුඩා දරුවන් රැසකට ද බලපා ඇති බව පැවසෙනවා.

මෙම තත්ත්වයත් සමග සිය දරුවන් පාසල් වෙත එවීම නවතා දැමීමට දෙමාපියින් කටයුතු කර ඇති බවත් එම නිසා පාසල්වල කටයුතු අඩපණ වී ඇති බවත් සඳහන්.

මේ සම්බන්ධයෙන් වැල්ලවාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා කියා සිටීයේ රෝගය වෛරයක් මගින් බෝ වන අතර උණුකර නිවාගත් ජලය පානය, නිවස තුල සදාගත් ආහර පමණක් භාවිතය යන කරුණු තුලින් මෙම රෝගි තත්ත්වය පාලනය කර හැකි බවයි.

මෙම තත්ත්වය හමුවේ එක් දිනකට අවම වශයෙන් රෝගීන් හැටක් පමණ නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළුත් වීමට පැමිණෙන බව ද ඔහු වැඩිදුරටත් සදහන් කර සිටියා.

Loading...