කොල්ලුපිටියේ ප්‍රසිද්ධ හෝටලයක සම්බාහන කටයුතුවල නිරතව සිටි තායිලන්ත කාන්තාවන් 14 දෙනකු ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් බොහෝ දෙනෙක්‌ සංචාරක වීසා වලින් මෙරටට පැමිණි අය බවයි ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලක විමර්ශන එම්. ජී. වී. කාරියවසම් පවසන්නේ.

මොවුන් අවුරුදු 20 සිට 45 දක්‌වා වයස්‌ කාණ්‌ඩවල පසුවන බවත් කොල්ලුපිටිය ප්‍රසිද්ධ හෝටලයක නතර වී සිට සම්බාහන කටයුතුවල නිරත වී ඇති බවත් සඳහන්.

එමෙන්ම මොවුන් එක් සම්බාහන කටයුත්තක්‌ සඳහා රුපියල් ලක්‍ෂ දෙකක පමණ මුදලක්‌ අයකරන බව ද අනාවරණය වී තිබෙනවා.

ඔවුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන කඳවුරේ රඳවා ඇති අතර ඔවුන් රටින් පිටුවහල් කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබනවා.

Loading...