Loading...

මුලතිව්, පුදුකුඩීඉරිප්පු, කොම්බාවිල් ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් බරපතල ලෙස තුවාල ලබා සිටි අයෙකු ඊයේ දහවල් අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ කපිලන් තිරුසෙල්වම් නැමති 28 හැවිරිදි විශ්ව විද්‍යාල සිසුවෙක්.

පසුගිය 11 වැනි දා මාධ්‍යම රාත්‍රියේ නිවසකට ඇතුළු වූ පිරිසක් එම නිවසේ සාමාජිකයින්ව කඩුවලින් කපා කොට වෙඩි තබා පළා ගොස් තිබුණා.

එහි දී එකම පවුලේ සිව්දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන්ගෙන් එක් අයෙකු වූ සරසවි සිසුවාගේ තත්ත්වය බරපතළ බැවින් ඔහු පුදුකුඩිඉරිප්පු රෝහලේ සිට අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරුකොට යවා තිබුණා.

ඔහු ඊයේ මරණයට පත්ව ඇත්තේ එම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරයි.

සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුන්ගෙන් මේවන විට ප්‍රශ්ණ කරමින් පවතින බව සඳහන්.

පෞද්ගලික ආරවුලක් හේතුවෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බවට සැකකරන මුලතිව් පොලීසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Loading...