ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ පළමු අදියර හොංකොංහිදී අද (14) ආරම්භ වනවා.

ශී‍්‍ර ලංකාව ද අද තරග බිමට පිවිසීමට නියමිතයි.

ශී‍්‍ර ලංකාව සහභාගි වන පළමු තරගය චීනය සමග පැවැත්වෙනවා.

එම තරගය මෙරට වේලාවෙන් පෙරවරු 11.28 ට ආරම්භ වනු ඇති.

ශී‍්‍ර ලංකාව සහභාගි වන දෙවන තරගය අද පස්වරු 2.45 ට ආරම්භ වන්නේ මෙවර ආසියානු කී‍්‍රඩා උළලේ රග්බි රිදී පදක්කම දිනාගත් ජපානය සමගයි.

මෙවර ශී‍්‍ර ලංකා රග්බි කණ්ඩායමට ශි‍්‍රනාත් සූරියබණ්ඩාර නායකත්වය ලබාදෙනවා.

Loading...