අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු දූත පිරිස තුන් දින සංචාරය නිමාවට පත් කර ඊයේ 13   රාත්‍රී 10.15 ට තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 407 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

වියට්නාමයේ පැවති ආසියානු රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීම සදහා ඔහු එහි ගොස් සිටියා.

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද සිය ඉන්දීය සංචාරය නිමා කර ඊයේ 13 දින රාත්‍රී 10.30 ට ඉන්දියාවේ නව දිල්ලි නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 196 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බවයි වාර්තා වන්නේ.

ඔහු ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂයේ ආරාධනාවක් මත ඉන්දියාවට ගොස් සිටි අතර, එහිදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඉන්දීය දේශපාලන ප්‍රබලයින් හමුවී සාකච්ඡා ද පැවැත්වුවා.

Loading...