Loading...

ප්‍රදේශ කිහිපයක සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තිබෙනවා.

කටාන, අන්දරගහ, හන්දියේදී යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවිමේදී තවත් යතුරුපැදියක ගැටීමෙන් එක් යතුරුපැදියක් පැදවූ කාන්තාවක් මියගියා.

තුවාල ලැබූ අනෙක් යතුරුපැදිකරු ද මීගමුව රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ජාතික රෝහලට මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම බුලත්සිංහල, ගොවින්න, සල්ගස අසල වංගුවේ දී යතුරුපැදියක් පෙරලී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ටිපර් රථයක ගැටී අනතුරක් සිදු වූවා.

මෙයින් 21 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව බුලත්සිංහල පොලීසිය පැවසුවා.

මේ අතර කතරගම, ගම්උදාව හන්දිය සෙල්ලකතරගම මාර්ගයේ පැල තවාන ඉදිරිපිටදී ත්‍රීරෝද රථයක ගැටීමෙන් 73 හැවිරිදි පදික කාන්තාවක් මියගොස් තිබෙන බව ද වාර්තා වෙනවා.

Loading...