හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් ගොනු කරුණු ලැබුවා.

ඒ 2015 වර්ෂයේ පෙබරවාරි මස 27 දා සිදු වූ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී සිදුවී ඇති වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ බැදුම්කර කොමිෂන් සභාව හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දීම සම්බන්ධයෙන්.

එම සිද්ධිය සම්බන්ධයෙන් රවි කරුණානායක සැකකරුවකු ලෙසට නම් කර ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සදහා නඩුව මේ මස 28 දා කැඳවීමට ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක දින නියම කරනු ලැබුවා.

මෙම අසත්‍ය සාක්ෂි 2017 අගොස්තු 2 දා රවි කරුණානායක බැදුම්කර කොමිෂන් සභාවට ලබා දී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව චෝදනා කර සිටිනවා.

Loading...