ශ්‍රීලංකන් ගුවන් සේවය මගින් ලබාදෙන කජු පිළිබඳව ජනපති මෛත්‍රීපාල සිරිසේන පසුගියදා කළ ප්‍රකාශය බොහෝ දෙනාගේ අවධනායට ලක් වූවා.

නේපාලයේ පැවැති බිම්ස්ටෙක් සමුළුට එක්වීමෙන් පසුව නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට භාවිත කළ ශ්‍රීලංකන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් තමන් ලබා ගත් කජු පීරිසිය මිනිසෙකුට නොව බල්ලෙකුටවත් කන්නට බැරි බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

සිය කජු සැපයුම්කරු ඉවත් කිරීමට තීරණය කිරීමට පවා ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය නිසා ශ්‍රීලංකන් ගුවන් සේවය පියවරගෙන තිබුණා.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට පිළිතුරු ලෙස ශ්‍රීලංකන් ගුවන් යානයක කජු පිරිසියක් අතින් ගත් ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කර තිබෙනවා.

ඔහු එම ඡායාරූපත් සමග පවසා ඇත්තේ එහි කිසිදු ප්‍රශ්ණයක් නොමැති බවයි.

Loading...