යාපනය දිසා අධිකරණයේ නීතිඥවරියක් බුදුරුව සහිත සාරියක් පැළද අධිකරණයට පැමිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම නීතිඥවරියව අත්අඩංගුවට ගැනීමට යාපනය පොලීසිය විසින් ඉහළ නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා.

මේ නීතිඥවරිය අධිකරණයේ රාජකාරී සදහා පෙරේදා පැමිණ ඇත්තේ මෙම සාරිය පැළදගෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ බව අධිකරණයේ සේවයේ නියුතු පොලිස් නිලධාරීන් විසින් යාපනය මුලස්ථාන පොලීසිය වෙත දැනුම් දීමෙන් පසුව එම නීතිඥවරියට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවට කතා බහක් යාපනය පොලීසිය තුළ ඇතිව තිබෙනවා.

මේ ක්‍රියාව සම්බන්ධයෙන් ගත යුතු පොලිස් ක්‍රියා පටිපාටිය පිළිබඳව යාපනය පොලීසිය ඉහල පොලිස් නිලධාරීන්ගෙන් උපදෙස් ඉල්ලා ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Loading...