Loading...

හැටන් සිට තලවකැලේ දක්වා අධික වේගයෙන් ධාවනය වු මෝටර් රථයක පාසල් සිසුවියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඊයේ (18) පස්වරු 4.00ට පමණ මෙම අනතුර සිදු ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

හැටන් ප්‍රදේශයේ පෞද්ගලික පාසලක 9වන වසරේ අධ්‍යාපනය ලබන මෙම සිසුවිය පාසල් නිම වී පාසල් බස් රථයෙන් කොටගල ප්‍රදේශයට ගොස් බස් රථයෙන් බැස අපරික්ෂාකාරි ලෙස මාර්ගය හරහා අනිත් පසට දිවයන අවස්ථාවේ දී අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයේ ගැටී පාසල් සිසුවිය අනතුරට පත් වි තිබුණා.

අනතුරෙන් බරපතළ ලෙස තුවාල ලැබු පාසල් සිසුවිය කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරීමෙන් වැඩි දුර ප්‍රතිකාර සඳහා නුවරඑළිය මූලික රෝහල වෙත මාරු කර යාවා ඇති බව සඳහන්.

ඇගේ තත්ත්වය බරපතළ බව වාර්තා වන අතර මොටර් රථයේ රියදුරා දිඹුල පොලීසිය මඟින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දිඹුල පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.

දැරියකට මහමග සිදුවූ අනතුර

Posted by Sinhala Puvath on Tuesday, 18 September 2018

Loading...