Loading...

බොරැල්ල, රාජගිරිය සහ කොටා පාර ප්‍රදේශවල මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බවට වාර්තා වනවා.

නාගරික රථ වාහන කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත සඳහන් කළේ වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ මෙම රථ වාහන තදබදය නිර්මාණය වී ඇති බවයි.

රාජගිරිය ගුවන්පාලම ආශ්‍රිත මාර්ගයේ මෙම තත්ත්වය වඩාත් දැඩිව බලපා ඇති බව සඳහන්.

පවතින වාහන තදබදය අවමකර ගැනීම  සඳහා හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

Loading...