නාරාහේන්පිට – චිත්‍රා පටුමගෙහි මාර්ගයේ කොටසක් ගිලා බැසීමක් සිදුව තිබෙනවා.

ගිලා බැසීම සිදුවන අවස්ථාවේ එම ස්ථානයෙන් ගමන් කරමින් තිබූ පාසල් ළමයින් ප්‍රවාහනය කරන වෑන් රථයක් අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගිලා බැස ඇති ස්ථානයෙන් වෑන් රිය පහළට ඇද වැටෙන්නට ගොස් ඇති අතර ඉන් එහි සිටි ළමයින් කිසිවෙකුටත් හානි සිදුව නැහැ.

මාළඹේ ප්‍රදේශයේ සිටයි මෙම වෑන් රථය පැමිණ ඇත්තේ.

පොලීසිය සඳහන් කළේ අදාළ ගිලා බැසීමට ලක් වූ ස්ථානය ප්‍රතිසංස්කරණය කරනතුරු චිත්‍රා පටුමග තාවකාලිකව වසා දමා ඇති බවයි.

එම ස්ථානය ආශ්‍රිතව විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.

Loading...