Loading...

දැදිගම පොලීසියේ සේවය කරමින් සිටි සැරයන්වරයෙකු ගිනි අවියක් පරීක්ෂා කිරීමට යාමේදී එය ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වෙනවා.

සිද්ධියෙන් අදාළ සැරයන්වරයා තුවාල ලබා රෝහල් ගත කර ඇති බව සඳහන්.

ඊයේ (09) රාත්‍රී මුර සංචාරයේ නිරත වීමට පෙර අදාළ සැරයන්වරයා අවි ගබඩාවෙන් ලබා ගත් ගිනි අවියක් පරීක්ෂා කිරීමේදී මෙලෙස එය ක්‍රියාත්මක වී ඇති අතර ඉන් ඔහුගේ පාදයකටයි තුවාල සිදුව තිබෙන්නේ.

ඔහු කෑගල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලීසිය සදහන් කළා.

Loading...