සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු තරගය තමත් පැයක පමණ කාලයකින් ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

(ඡායාරූප සඳහා පහළට යන්න)

තරගය පැවැත්වෙන දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට ප්‍රදේශයට ඊයේ සහ පෙරේදා දිනවල දැඩි වර්ෂාපතනයක් පතිත වූ නමුත් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා කාලය තුළ වැසි නැවතුණු ස්වභාවයක් ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

පෙරේදා සහ ඊයේ පිටිය සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබූ අතර අද උදෑසන එම ආවරණ ඉවත් කළ බව සඳහන්.

මේවන විටත් පිටිය වියලීමේ කටයුතු සිදුවන අතර තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දඹුල්ල පිටිය ඊයේ රාත්‍රියේ, අද උදෑසන සහ මීට සුළු මොහොතකට පෙර දිස් වූ අයුරු පහතින්…

DpHQ-C3U8AE-Hfl

DpDF8SAU8AEPd_H

DpIHhsaXoAABmcP

Loading...