ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගයට අයහපත් කාලගුණයෙන් බාධා මතු වූවා.

(ඡායාරූප සඳහා පහළට යන්න)

තරගය තාවකාලිකව අත්හිටුවන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 92 ක් ලබා සිටියා.

ජෝ රූට් ලකුණු 25 ක් සහ ඔවින් මෝගන් ලකුණු 14 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටිනවා.

ජේසන් රෝයි ලකුණු 24 ක් සහ ජොනි බෙර්ස්ටෝ ලකුණු 25 ක් ලබා සිටියදී දැවීගියා.

නුවන් ප්‍රදීප් සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

මේවන විටත් දඹුල්ල ක්‍රීඩාංගණය ආශ්‍රිත ප්‍රදේශයට වැසි ලැබෙමින් පවතින අතර පිටිය ආවරණ යොදා වසා දමා තිබෙනවා.

DpJJvtVXoAE8rUs

DpJAUIEUUAExhc3

DpJRxmZXgAAt2GR

Loading...