Loading...

පැය කිහිපයක් තිස්සේ ඇදහැලුණු වර්ෂාව තුරල් වීමත් සමග දඹුල්ල ක්‍රීඩාංගණය වසා තිබූ වැසි ආවරණ ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය මේවන විට පිටියේ ජලය ඉවත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බවයි වාර්තා වන්නේ.

එම කටයුත්තට පැයක පමණ කාලයක් ගතවනු ඇති බවයි පැවසෙන්නේ.

ජලය ඉවත් කිරීමේ කටයුතු අවසන් වීමෙන් අනතුරුව රාත්‍රී 8.00ට විනිසුරුවරුන් සහ තරග තීරකවරයා පිටිය පරීක්ෂා කිරීමට නියමිතයි.

තරගය යළි අරඹන්නේද සහ එසේ අරඹන්නේ නම් පන්දුවාර ගණන කුමන ප්‍රමාණයකට අඩු කරන්නේ ද යන්න ඉන් පසුව තීරණය කෙරෙනු ඇති.

ශ්‍රී ලංකාව සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු එක්දින තරගය අතරමග නතර කෙරුණේ වැසි ඇදවැටීමත් සමගයි.

තරගය තාවකාලිකව අත්හිටුවන විට පළමුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 15 ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා සිටියා.

ජෝ රූට් ලකුණු 25 ක් සහ ඔවින් මෝගන් ලකුණු 14 ක් ලබා පන්දුවට පහරදෙමින් සිටි අතර ජේසන් රෝයි ලකුණු 24 ක් සහ ජොනි බෙර්ස්ටෝ ලකුණු 25 ක් ලබා සිටියදී දැවීගියා.

නුවන් ප්‍රදීප් සහ අකිල ධනංජය එක් කඩුල්ල බැගින් බිඳ හෙලුවා.

 

 

Loading...