Loading...

මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල සංශෝධනය කිරිම සම්බන්ධයෙන් තීරණය කරන මිල කමිටුව අද පස්වරුවේ රැස් වුණා.

ලෝක වෙළද පොලේ ඉන්ධන මිල වෙනස්වීමට අනුකූලව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම සඳහා සෑම මසකම 10 වනදා  ඔවුන් රැස්වන අතර ඒ අනුවයි අද දිනයේත් එම කමිටුව මෙලෙස රැස් වූයේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ ක්‍රියාත්මක වන පරිදි පෙට්‍රල් සහ සුපිරි ඩීසල් මිල ඉහළ දැමීමට ඔවුන් තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඔක්ටේන් 92 ක පෛට්‍රල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ යනු ඇති.

ඔක්ටේන් 95 ‍පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා ඇත්තේ රුපියල් 8 කින්.

සුපිරි ඩීසල් ලීටරයක මිල  රුපියල් 8කින් ඉහළ දමා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඔටෝ ඩීසල් මිලෙහි වෙනසක් සිදුකර නැහැ.

Loading...