ත්‍රිරෝද රථ ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

ඒ, ත්‍රිරෝද රථ සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම නව ගාස්තු සංශෝධනයට අනුව පළමු කිලෝමීටරය සඳහා දැනට අය කෙරෙන රුපියල් 60ක ගාස්තුව වෙනස් නොවන අතර, දෙවන කිලෝමීටරය සඳහා අය කෙරෙන රුපියල් 40 ගාස්තුව රුපියල් 50 දක්වා රුපියල් දහයකින් ඉහළ යනු ඇති.

ත්‍රීරෝද රථ ගාස්තුව මෙලෙස ඉහළ දැමීමට තීරණය කර ඇත්තේ ඊයේ මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ දැමීමට රජය ක්‍රියා කිරීමත් සමගයි.

Loading...