දේශපාලන තීන්දුවක් ගැනීම සදහා ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඔහුගේ විජේරාම නිල නිවසේදී රැස්වීමට නියමිතයි.

සාකච්ඡාව සදහා ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 15 කණ්ඩායම ද එක්වන බවයි වාර්තා වුණේ.

මේ අතර, රුපියලේ අගය සීඝ්‍රයෙන් පහළ යමින් පවතින්නේ වත්මන් ආණ්ඩුවේ නොහැකියාව හේතුවෙන් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අද නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේ අද පැවති උත්සවයකින් අනතුරුව ප්‍රකාශ කළා.

එමෙන්ම ඉන්ධන මිල වැඩි කිරීමට මුදල් ඇමති, අගමැති හෝ ජනාධිපති හෝ නොදන්නා සූත්‍රයක් භාවිත කරන බවත් එම සූත්‍රය දන්නේ කවුරුන්දැයි ගැටළුවක් පවතින බවත් ඔහු පැවසුවා.

නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය එක් වී සභාග ආණ්ඩුවක් පිහිටුවීමට සාකච්ඡා කර නොමැති බව ද හිටපු ජනාධිපතිවරයා අවධාරණය කළා.

එවැනි යෝජනාවක් පමණක් පවතින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Loading...