Loading...

එකම පවුලේ පුද්ගලයින් 6 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරුවන් වූ විත්තිකරුවන් 10 දෙනෙකුට තංගල්ල මහාධිකරණයෙන් අද මරණ දඬුවම නියම කෙරුණා

ඒ, තංගල්ල මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද විසින් අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්.

විත්තිකරුවන් අගුණකොලපැලැස්ස, දික්වැව ප්‍රදේශයේ මවක සහ දරුවන් 5 දෙනෙකු ඝාතනය කර තිබුණේ 1998 වසරේදී යි.

මින් එක් විත්තිකරුවෙකු අධිකරණය මගහැර සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු ද නිකුත් කෙරුණා.

Loading...