Loading...

කටින් පෑන හසුරවමින් අකුරු ලියා ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියමින් ලකූණු 145 ක් ලබා ගැනිමට මාවනැල්ලේ කොටගල විශේෂ පාසලේ දිනුෂා බණ්ඩාර දියණියට හැකියාව ලැබි තිබේ.

(වීඩියෝව සඳහා පහළට යන්න)

මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා හපන්කම් පෑ දක්ෂතා පෙන්නු දරුවන් ගැන මුළු රටේම අවධානය යොමු වන මොහොතක කායික අබාධිත දියණියක් කටින් අකුරු ලියා මෙලෙස ඉහළ ලකුණු ලබා ඇත්තේ මුල් වතාවටයි.

කටින් අකුරු ලිවිම හා චිත‍්‍ර ඇඳීමට දක්ෂතා පෙන්වන ඇය බොහෝමයක් කටයුතු තනිවම කරගැනිමට හැකියාව ලැබී ඇත.

සමස්ත ලංකා මට්ටමින් පවා චිත‍්‍ර ඇඳ ජයග‍්‍රහණ ලබාගැනිමට තරම් වාසනාව ලැබු කායික අබාධිත සහිත වයස අවුරුදු 11 දියණියක් වන ඇය ලංකාවේ ශිෂ්‍යත්වය විභාගයට පෙනි සිටි දරුවන් අතරින් ඉහළ ලකුණු මට්ටමක් ලබා ගෙන, කාගෙත් කථා බහට ලක් වි තිබේ.

මෙම පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන්නේ ඒ.එස් සිරිවර්ධන ගුරු මහත්මියයි.

මෙම පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් 5 දෙනෙක් ඉදිරිපත් වී ඇති අතර, කායික අබාධිත තත්ත්වය වැඩියෙන්ම ඇති දිනුෂා දියණියට බලවත්ගම මහා විද්‍යාලයේ තිබු විභාග ශාලාවේදි ප‍්‍රශ්නවලට පිළිතුරු ලියන්නට සිදුව ඇත්තේ කටින් වීම විශේෂත්වයකි.

මාවනැල්ලේ කොටගල විශේෂ පාසල ස්වභාවික ජල උල්පත්වලින් ලැබෙන ජලයෙන් තම ජල අවශ්‍යතා සපුරාගන්නා අතරම මධ්‍යස්ථානය නඩත්තු කිරිම හා මෙහි නේවාසික ළමුන්ගේ එදිනෙදා අවශ්‍යතා සපුරා ගනු ලබන්නේ පාසල සතුව පවතින රබර් ඉඩ කඩම්වලින් වීම මෙහි ඇති තවත් සුවිශේෂිතාවයකි.

(වීඩියෝ – දෙරණ)

Loading...