Loading...

මාළිගාවත්ත ජුම්මා මස්ජීන් පාර ප්‍රදේශයේ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අද පස්වරුවේ යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ලකොට පළා ගොස් ඇති බව යි.

තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.

24 හැවිරිදි මොහොමඩ් නිෂාම්ඩීන් මොහොමඩ් අද්මීන් නමැති ඔහු මාළිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

පසුගිය සැප්තැම්බර් 12 වැනි දා මාලිගාවත්ත ලක්සෙත සෙවණ මහල් නිවාසය ආසන්නයේ දී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ ද මොහු බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී මොහු දිවි බේරාගෙන තිබුණා.

මෙම ප්‍රහාරය අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක ප්‍රතිඵලයක් ලෙසටයි සැක කෙරෙන්නේ.

තුවාලකරු, සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බයියා නමැත්තාගේ ගෝලයෙකු බව ද පොලීසිය සඳහන් කළා.

Loading...