Loading...

දුෂ්කර ප්‍රදේශයක විහාරස්ථානයක වාසය කරන වයස අවුරුදු 92ක් වයසැති ජ්‍යොතිෂ්‍යයෙහි ප්‍රවීණ හිමිනමක් විසින් ඉදිරි රාජ්‍ය නායකයා පිළිබඳ විශේෂ අනාවැකියක් පළ කර තිබෙනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

ඒ ශ්‍රාස්ත්‍රපති ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් විසින්.

ජනාධිපතිවරණ පිළිබඳවත් අනාගත රාජ්‍ය නායකයා කවුරුන් වේද යන්න පිළිබඳවත් දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වී ඇති මොහොතක දේවානන්ද හිමියන් මෙම අනාවැකිය පළ කොට තිබීම විශේෂත්වයක්.

ඒ අනුව වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ග්‍රහ පිහිටීම් අනුව ඔහුගේ මෙම නිල කාලය අවසන් වී තවත් කාලවකවානුවක් ජනාධිපති ධූරයෙහි කටයුතු කළ හැකි බවත් ඉන් අනතුරුව ද ඉදිරි ගමනක් යනු ඇති බවටත් උන්වහන්සේ ඉඟි පළ කරනවා.

ජනාධිපතිවරයාගේ කේන්ද්‍ර සටහනේ සෙනසුරු උච්ච වී ඇති බව පෙන්වා දෙන උන්වහන්සේ එම සෙනසුරු දසාව ලබා ඇත්තේ වර්ෂ 2006දී බව ද අවධාරණය කරනවා.

එමෙන්ම තුලා ලග්නයට බලවත් ශනි ග්‍රහයා ජනාධිපතිවරයාගේ උච්ඡ ධූර කාලයෙහි ගමන් ගන්නා බවට ද දේවානන්ද හිමියන් ප්‍රකාශ කොට සිටිනවා.

ජ්‍යොතිෂ්‍යය පිළිබඳ විශේෂ අනාවැකි පලකරන හිමිනමක්වන ලියන්ගස්වගුරේ දේවානන්ද හිමියන් පසුගිය ජනාධිපතිවරණයේදී ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජය ගන්නා බවට අනාවැකියක් පළ කොට තිබුණා.

නිදහස් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකයා වත්මන් ජනාධිපතිවරයාම බවට එම පක්ෂයේ මැති ඇමතිවරුන් පසුගිය කාලය පුරාම අදහස් පළ කළ අතර පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ දී සිරිසේන ජනාධිපතිවරයා ද සඳහන් කළේ 2020දී තමන් විශ්‍රාම නොයන බවයි.

එමෙන්ම ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පාර්ශවය එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව දේශපාලන ගමනක් යාම පිළිබඳව ද කතාබහක් ගොඩනැගී ඇති වාතාවරණයක් තුළ දේවානන්ද හිමියන්ගේ මෙම අනාවැකිය දේශපාලන ලෝකය තවදුරටත් උණුසුම් කිරීමටයි සමත් වී ඇත්තේ.

හිමිනමක් ඉදිරිපත් කළ විශේෂ අනාවැකිය

Posted by Sinhala Puvath on Monday, 22 October 2018

Loading...