Loading...

නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම් දුන් දිනයට පසු දින උදෑසන සිදුව ඇති දුරකතන සංවාදයක් පිළිබඳව දේශපාලන විශ්ලේශක දර්ශන හඳුන්ගොඩ අනාවරණය කරනවා.

යූටියුබ් වැඩසටහනක් සමග එක් වෙමින් ඔහු පවසන්නේ මෙම ඇමතුම ජනාධිපතිවරයාගේ දියණියවන චතුරිකා සිරිසේනයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත ලැබී ඇති බවයි.

බහුතරය නිර්මාණය කරගැනීමේ අරගලය මේවන විට ඇරඹී ඇති බව පෙන්වා දෙන හඳුන්ගොඩ පවසන්නේ මෙම දුරකතන ඇමතුම ද ඒ අරමුණින් ලැබී ඇති බවයි.

එහි දී එක්සත් ජාතික පක්ෂය අතහැර මහින්ද – මෛත්‍රී පාර්ශවය වෙත පැමිණෙන ලෙසට චතුරිකා විසින් හිරුණිකාට යෝජනා කර ඇති බව ඔහු සඳහන් කරනවා.

එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් එය දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බවයි දර්ශන හඳුන්ගොඩ ප්‍රකාශ කරන්නේ.

අදාළ යූටියුබ් වැඩසටහනෙහි මෙම දුරකතන සංවාදය අනාවරණය සිදුකර තිබුණේ පහත ආකාරයෙන්.

චතුරිකා:
“ආ ගුඩ්මෝනින් නංගි කොහොමද? ඔයා හොඳින්ද?”

හිරුණිකා:
“ඔව් ඔව් අක්කි අපි හොඳින්. ඉතින් කොහොමද?”

චතුරිකා:
“නංගී, මම මේ කතා කළේ වැදගත් දෙයක් කියන්නයි ඔයාට. මේ නගා, එනවා නේද අපේ පැත්තට? ඔයාව බලාගන්නම්”

හිරුණිකා:
“අපෝ බෑ අක්කි. මට නම් කතා කරන්න එපා. මම නම් එන්නෙ නෑ”

චතුරිකා:
“මේ නංගි, ඔයා මෝඩ වෙන්න එපා. මෙන්න මෙහෙ එන්න‍. අපි ඔක්කොම බලාගන්නම්.”

හිරුණිකා:
“චතුරිකා අක්කි, මං මෝඩ තීරණ අරං ඇති ජීවිතේ. හැබැයි මම බලු තීරණ ගන්නෙ නෑ”

Loading...