Loading...

මෛත්‍රිපාල සිරිසේන සහ මහින්ද රාජපක්ෂ චරිත ද්විත්වය එක් වීම පිළිබඳව බොහෝ පිරිස් මේවන විටත් මවිතය පළ කරනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ ආදීයෙහි පිරිස් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මේ ආකාරයෙන් කටයුතු කරන්නේ කෙසේ ද යන්න ප්‍රශ්ණ කරමින් සමාජ ජාල තුළ විවිධ අදහස් පළ කොට තිබෙනවා.

මේ අතර නිරන්තරයෙන් ආන්දෝලනාත්මක අදහස් පළ කරන රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා, තමන් විසින් මීට දින කිහිපයකට පෙර සිදු කළ ප්‍රකාශයක් සිය නිල ෆේස්බුක් ගිණුමෙහි පළ කොට තිබෙනවා.

එය ඔහු විසින් පසුගිය 10 වැනිදා සිදුකළ ප්‍රකාශයක්වන අතර භාරකාර ආණ්ඩුවක් පිළිබඳව එවකට පැවැති කතා බහ පිළිබඳව මාධ්‍යවේදියෙකු ඇසූ පැණයකට රන්ජන් රාමනායක දුන් පිළිතුරක් එහි ඇතුළත් වනවා.

එම වීඩියෝව පහතින්…

පසුගිය 10වැනිදා රන්ජන් කියූ අනාවැකිය

Posted by Sinhala Puvath on Monday, 29 October 2018

Loading...