Loading...

‘ලයන් එයා’ ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ප්‍රවාහන ගුවන් යානයක් මුහුදට කඩා වැටී අතුරට ලක්ව තිබෙනවා.

(ඡායාරූප සඳහා පහළට යන්න)

අනතුර සිදුවන අවස්ථාවේ දී යානයෙහි පුද්ගලයින් 189ක් ගමන් ගත් බවයි වාර්තා වන්නේ.

ඉන් 181ක් මගීන්වන අතර ගුවන් සේවිකාවන් 06 දෙනෙකු සහ නියමුවන් දෙදෙනෙකු ඒ අතරවනවා.

නවතම වාර්තා සඳහන් කරන ආකාරයට ඉන් කිසිවෙකුටත් දිවි ගලවාගැනීමට හැකි වී නැහැ.

ජකර්තා අගනුවර සිට ගමන් අරඹා මඳවේලාවකට පෙර ගුවන් යානය මෙලෙස සාගරයට කඩා වැටී තිබෙනවා.

JT 610 අංකය දරණ අදාළ ගුවන් යානය ‘පැංකල් පිනෑං’ ගුවන් තොටුපොල වෙත පියාසර කිරීමට නියමිතව තිබුණා.

ගුවන් යානය රේඩාර් තිරයෙන් අතුරුදන් වනවාත් සමගම නියමුවන් සමග තිබූ ගුවන් විදුලි සබඳතා ද ඇණහිටි බව ගුවන් යානා පාලක මැදිරිය සඳහන් කරනවා.

ඉන් අනතුරුව අතුරුදන් වූ යානය සොයා ජීවිතාරක්ෂක කණ්ඩායම් වහාම පිටත් කිරීමට කටයුතු කර ඇති අතර ඔවුන් හට ගුවන් යානයේ සුන්බුන් සහ මගීන් සතුව පැවැති ද්‍රව්‍ය කිහිපයක් හමුව තිබෙනවා.

ඉන් අනතුරුව ශරීර කොටස් කිහිපයක් ද සොයාගැනීමට හැකි වූ බව ඉන්දුනීසියා මාධ්‍ය මීට මඳවේලාවකට පෙර වාර්තා කළා.

යානය කඩා වැටී ඇති ස්ථානයේ සාගරය මීටර 40ක් පමණ ගැඹුරු බව ජීවිතාරක්ෂක බලධාරීන් පවසනවා.

කෙසේ වෙතත් ජීවිතාරක්ෂක අංශ ප්‍රධානියා මාධ්‍ය අමතමින් පවසා ඇත්තේ සියල්ලන්ම ජීවිතක්ෂයට පත්ව ඇති බවට තමන් නොදන්නා බවයි.

ජීවතුන් අතරසිටින්නන් පිළිබඳව බලාපොරොත්තු තබා සෙවීම් කටයුතු දිගින් දිගටම සිදු කළත් යම් අයෙක් ජීවතුන් අතර සිටිතැයි තමන්ට තහවුරු කිරීමට නොහැකි බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Family members of the crashed Indonesian Lion Air JT-610 react at Pangkal Pinang airport, in Bangka Belitung province on Oct. 29, 2018.

Loading...