Loading...

අසේල බණ්ඩාරනායක යනු ජාතික රූපවාහිනියේ සේවයේ සිටි ජනප්‍රිය මෙන්ම දක්ෂ නිවේදන ශිල්පියෙක්.

නුගසෙවන ආදී වූ වැඩසටහන් හරහා කරළියට පැමිණි ඔහු ඉන් අනතුරුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාව සිටි සමයේ ඔහුගේ ප්‍රචාරණ කටයුතුවලට සම්බන්ධ වූ බව නොරහසක්.

පසුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ පරාජය වීමත් සමග අසේල බණ්ඩාරනායක චරිතයත් රූපවාහිනියේ දක්නට ලැබුණේ නැහැ.

වසර ගණනාවක් නිවේදන ක්ෂේත්‍රයෙන් ඉවත්ව සිටි සමයේ ඔහු පුවත්පතකට අදහස් පළ කරමින් පවසා තිබුණේ “මම මගේ හෘද සාක්ෂියට එකඟව වැඩ කළා. ඒ නිසා කාගෙන්වත් සමාව ගන්න ඕනි නැති නිසා මගේ වැඩ ටිකක් කරන්න පටන් ගත්තා” යනුවෙන්.

නිවේදන ක්ෂේත්‍රයෙන් ඈත් වී ගුරු වෘත්තියෙහි නිරතවන බව ද ඔහු එහි දී පවසා තිබුණා.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ අගමැති ධූරයට පත් වීමත් සමග මෙතෙක් කල් රූපවාහිනී කරළියේ නොසිටි අසේල යළි පැමිණ තිබෙනවා.

අද දහවල් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ භාරගත් අතර එහි සජීවී විකාශය ජාතික රූපවාහිනිය ඔස්සේ ගෙන ඒමට  අසේල බණ්ඩාරනායක නිවේදනයෙන් එක් වූවා.

එම අවස්ථාවේ සජීවී පටිගත කිරීම පහතින්…

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීම (සජීවී විකාශය)

මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධූරයේ වැඩ භාරගැනීම (සජීවී විකාශය)

Posted by Sinhala Puvath on Sunday, 28 October 2018

Loading...