Loading...

නව ආණ්ඩුවට එක් වීම සඳහා තමන්ට ලක්ෂ 3000ක (කෝටි 30) ලන්සුවක් ඉදිරිපත් වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් අනාවරණයක් සිදු කොට තිබෙනවා.

ඔහු මෙය හෙළි කොට ඇත්තේ යූටියුබ් නාලිකාවක් ඔස්සේ විකාශයවන වැඩසටහනක් වෙත යි.

තමා මුදලට මිලදී ගැනීම පිටුපස ‘බ්‍රෝකර්වරු’ දෙදෙනෙකු ද සිටින බවයි ඔහු පවසා ඇත්තේ.

බුද්ධික පතිරණගේ සහය ලක්ෂ 3000කට ලබා ගැනීම මෙම බ්‍රෝකර්වරුන්ට පැවරී ඇති වගකීම බවත්, එම වගකීම ඉටු කළහොත් අදාළ බ්‍රෝකර්වරුන් හට 5%ක කොමිස් මුදලක් ලැබෙන බවත් ඔහු වැඩිදුරටත් හෙළි කර තිබෙනවා.

එම 5%ක කොමිස් මුදල ලක්ෂ 150ක් බව ද සඳහන්.

Loading...