Loading...

ඊජිප්තුවේ ගුවන් අනතුරක් සිදුව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ එරට ගුවන් හමුදාවට අයත් මිග් -29එම් වර්ගයේ ගුවන් යානයක්‍.

පුහුණු පියාසැරියක් අතරතුර මෙම යානය කඩා වැටී ඇති බවයි මේවන විට ලැබෙන වාර්තා උපුටා දක්වන විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේ වෙතත් යානය බිම පතිත වීමට මොහොතකට පෙර එහි නියමුවා ආරක්ෂිතව “වීසිවීමට” (Eject) ලක්ව ඇති බව සඳහන්.

එම නිසා ඔහුට අනතුරක් නොමැති බව ද පැවසෙනවා.

මෙම වර්ගයේම යානයක් පසුගිය මස රුසියාවේ දී කඩා වැටීම විශේෂත්වයක්.

Loading...