Loading...

ඊයේ උදෑසන බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී සොයාගත් කාන්තා හිස, ඇඹිලිපිටිය – සෙවනගල – කිරිඉබ්බන්වැවේ තිබී හමුවූ කඳ කොටසට ගැලපේදැයි පරීක්ෂණ අරඹා ඇති බව වාර්තා වෙනවා.

(වීඩියෝව සඳහා පහළට යන්න)

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුව ඇඹිලිපිටිය – සෙවනගල – කිරිඉබ්බන්වැවේ තිබී කාන්තා මළසිරුරක කොටසක් හමු වූ අතර මෙම සිරුරෙහි හිස සහ පාද නොමැති බවයි පොලීසිය පවසන්නේ.

විදේශීය කාන්තාවකගේ බවට සැක කෙරෙන කඳින් වෙන් කරන ලද හිසක් බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ මාර්ගයක තිබී සොයාගනු ලැබුවේ ඊයේ පෙරවරුවේයි.

මේ අනුව එම හිස සහ මෙම කඳ කොටස එකම කාන්තාවකගේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ද පොලීසිය සඳහන් කළා.

හිස හමුවූ ස්ථානයේ ලේ පැල්ලම් කිසිවක් නොමැති බැවින් මෙම කාන්තාව වෙනත් ස්ථානයක ඝාතනයකර හිස කොටස එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවයි පොලීසිය සැක කරන්නේ.

එම කාන්තාව දින කිහිපයකට පෙර ඝාතනය වී ඇති බවට ද අනාවරණය වී තිබෙනවා.

මෙම හිස කොටස චීන හෝ තායි ජාතික කාන්තාවකගේ බවට සැක කෙරෙන බවද පොලීසිය සඳහන් කළා.

බණ්ඩාරගමින් හමුවූ කඳ නැති හිස

බණ්ඩාරගමින් හමුවූ කඳ නැති හිස

Posted by Sinhala Puvath on Sunday, 4 November 2018

Loading...