Loading...

කැනඩාවේ ඔටාවා නුවරට ඉහළ අහසේ ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුරෙන් එක් ගුවන්යානයක නියමුවා ජීවිතක්ෂයට පත්ව ඇති බව අනාවරණය වී තිබෙනවා.

මෙලෙස එකිනෙක ගැටී තිබුණේ කුඩා ගුවන් යානයක් සහ තරමක් විශාල යානයක්.

කෙසේ වෙතත් මෙම යානා මගී ප්‍රවාහනය සඳහා භාවිත වූ ඒවා නොවන බව ද සඳහන්.

අනතුරත් සමග කුඩා යානය ඔටාවා නුවරට කිලෝමීටර 30ක් පමණ දුරින් පිහිටි මාර්ගයක් අසළට කඩා වැටුණු අතර විශාල යානය වහාම ඔටාවා ජාත්‍යන්තර ගුවන් තොටුපොල වෙත පියාසර කරවා ආරක්ෂිතව ගොඩබෑමට කටයුතු කර තිබෙනවා.

ජීවිතක්ෂයට පත් ගුවන් නියමුවා 82 හැවිරිදි පුද්ගලයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අනෙක් යානය පදවා ඇත්තේ පියෙකු සහ පුතෙකු විසින්.

Loading...