Loading...

එක්සත් ජාතික පක්ෂය ප්‍රබලයින්, එම පක්ෂයෙන් ආණ්ඩුව වෙත එක් වී අමාත්‍යධූර ලබාගත් මන්ත්‍රීවරුන් හමුවෙමින් සිටින බව වාර්තා වෙනවා.

(CCTV දසුන් සඳහා පහළට යන්න)

රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එජාපයට බහුතරය පෙන්වීම සඳහා සහය දෙන ලෙස ඔවුන් එම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටින බවයි පුවත් වාර්තා සඳහන් කරන්නේ.

රවී කරුණානයක, රාජිත සේනාරත්න, අකිල විරාජ්, ජෝන් අමරතුංග සහ ස්වාමිනාදන් යන එජාපයේ ප්‍රබලයින් පිරිසක් පසුගිය දා මේ ආකාරයෙන් වසන්ත සේනානායකගේ නිවසට ද ගොස් තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයෙකුවන සේනානායක පසුගිය දා නව රජයෙහි සංචාරක හා තිරසර සංවර්ධන වනජීවී අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා

එජාප ප්‍රබලයින් පිරිස වසන්ත සේනානායක මහතාට බැගෑපත්ව පවසා ඇත්තේ මේ අවස්ථාවේ එජාපයේ නායක රනිල් වික්‍රමසිංහගේ නායකත්වය ශක්තිමත් කිරීමට සහය ලබාදෙන ලෙසයි.

එහිදී වසන්ත සේනානායක එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

රනිල් වික්‍රමසිංහගේ එජාප නායකත්වයට විරුද්ධව තමා ඇරඹූ අරගලය එජාපයට නව නායකත්වයක් ලැබෙනතුරු සිදුකරන බවත් එජාපය නව නායකත්වයකින් වැඩකටයුතු ආරම්භ කරන දවසට තමා කොන්දේසි විරහිතව එජාපයේ නව නායකත්වයට සහය ලබාදෙන බවත් සේනානායක පවසා ඇති බව සඳහන්.

බොරු පොරොන්දුවලට කිහිපවතාවක් රැවටුනු තමා යළි රනිල්ට රැවටෙන්නේ නැති බවයි වසන්ත සේනානායක වැඩිදුරටත් පවසා ඇත්තේ.

කෙසේ වෙතත් ඇතැම් වෙබ් වාර්තා සඳහන් කරන්නේ එම අවස්ථාවේ දී අදාළ පිරිස විසින් වසන්ත සේනානායක වෙත තර්ජනය කර ඇති බවයි.

මේ අතර අදාළ අවස්ථාව වසන්ත සේනානායකගේ නිවසෙහි CCTV කැමරාවෙහි පහත අයුරින් සටහන්ව තිබුණා.

Loading...