Loading...

පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිතුමාගේ නිශ්චිත උපදෙස් හා නියෝග මත පමණක් බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

පොලිස් මූලස්ථානයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදී පොලිස්පතිවරයා කියා සිටියේ, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා කටයුතු කරන බව යි.

ඒ අනුව ජනාධිපතිතුමා නිකුත් කර ඇති ගැසට් නිවේදනයට අනුකූලව පොලීසිය කටයුතු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර කියා සිටියා.

ඔහු පැවසුවේ, ඊයේ රංජිත් මද්දුමබණ්ඩාර පොලිස් මූලස්ථානයට යොමු කළ ලිපිය වලංගු නොවන බව යි.

හිටපු අමාත්‍යවරුන්ට පෙර පරිදිම ආරක්ෂාවම ලබා දෙන ලෙසයි ඔහු එම ලිපිට මගින් ඉල්ලා සිටියේ.

එය ක්‍රියාත්මක කර නොහැකි බව ද පොලිස්පතිවරයා සඳහන් කළා.

මේ අතර හිටපු අගමැතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විමසූ විට පොලිස්පතිවරයා පිළිතුරුදුන්නේ “ඒක මට අදාළ නෑ” යනුවෙන්.

Loading...