Loading...

හෙට මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2% කින් පහළ දැමීමට ජතික ගමනාගමන කොමිසම තීරණය කර තිබෙනවා.

ඒ, පෞද්ගලික බස් හිමියන්ගේ සංගම් නියෝජිතයින් සමග අද දහවල් ගමනාගමන කොමිසමේ පැවති සාකච්ඡාවකදීයි.

ඩීසල් ලීටරයක මිල පසුගිය පළමුවැනිදා සිට රුපියල් 7 කින් පහළ දැමීමත් සමග බස් සංගම් පැවසුවේ, එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමට සූදානම් බවයි.

ඒ අනුව අදාළ සාකච්ඡා අද පැවැත්වුණා.

කෙසේ වෙතත් අවම බස් ගාස්තුව වන රුපියල් 12.00 ගාස්තුව වෙනසක් සිදු වන්නේ නැහැ.

මෙම සාකච්ඡාවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනයේ නියෝජිතයින් ද සහභාගි වූවා.

Loading...